ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ප්‍රශ්න සොයා බලන්න විශේෂ නිලධාරියෙක්

    මාර්තු 30, 2015
    උතුරු පළාතේ ප්‍රශ්න පිළිබඳ ව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ නිලධාරියකු පත් කරනු ලබන බව කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඊයේ (29) ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය. එසේම වසර තිහක යුද්ධයෙන් බරපතළ ලෙස හානි සිදු වූ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්වලට විශේෂ අවධානය යොමු කර සංවර්ධනය කළ යුතු බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    යුද්ධයෙන් ආබාධිත වූ සිවිල් ජනතාව පිළිබඳ ව විශේෂ සංගණනයක් සිදු කරන ලෙස හමුදා නිලධාරින්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා ආබාධිත වූ අය පිළිබඳ ව නිවැරදි සංඛ්‍යා ලේඛන දැනට රජය සතුව නොමැති බව සඳහන් කළ අතර ආබාධිත වැසියන්ට අත දීමේ සමාජ සත්කාරය සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති හමුදාව මෙම සංගණනය සඳහා වඩා සුදුසු බවද මෙහිදී පවසා සිටියේය.
     
    එසේම කාන්තා ගෘහ මූලිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ ආරම්භ කරන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඉරණමඩු ඇතුළු ජලාශ පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළේය.
     
    මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්, කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya