උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් වකුගඩු රෝගී සායනයක් ද පැවති අතර ප‍්‍රදේශයේ වකුගඩු රෝගීන් විශාල පිරිසක් මේ සායනය සඳහා පැමිණ සිටියහ.
පාසැල් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදා දීම තුළින් දරුවන්ගේ හෙට දවස ඵලදායී වීමට අත්වැලක් වන මෙවන් සත්කාර තුළින් නිසි ඵල නෙළා ගන්නා ලෙස උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, සාමාන්‍ය මහජනතාව අතර විවිධ අවශ්‍යතා සහිත පිරිස් හඳුනාගෙන රෝද පුටු, ත්‍රෛසිකල්, කිහිලිකරු ආදිය ලබා දීම සඳහා පළාත් සභාව වියදම් දරන්නේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් බවත් මේ ප‍්‍රදානයන් තුළින් දිරිමත්ව උනන්දුවෙන් උත්සහයෙන් ජීවත ගොඩ නගා ගැනීමට අදිටන් කරගන්නා ලෙසත් ප්‍රකාශ කළේය .
උතුරු මැද පළාත පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් පළාත් සෞඛ්‍ය අංශය විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරමින් රෝගීන්ගේ යහපත වෙනුවෙන් වැඩසටහන් රාශියක් දියත් කර ඇත. ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය රෝහල් පද්ධතිය වැඩිදියුණු කරමින් ගම් ප‍්‍රදේශ තුළින් නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම සඳහා කටයුතු කරන පළාත් සෞඛ්‍ය සේවාව තුළින් ජනතාවට උපරිම සේවාවක් සැලසීමට කටයුතු කරන බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාතේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා සමාජ සුබසාධන අමාත්‍ය කේ. එච් නන්දසේන මහතා ඇතුළු සමාජ සේවා සහ සෞඛ්‍ය ආයතනවල නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
NDH