ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 මාර්තු මාසයේ දී උද්ධමනය තවදුරටත් පහළට

    අප්‍රේල් 01, 2015
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 පෙබරවාරි මස පැවති සියයට 0.6 හි සිට 2015 මාර්තු මාසයේ දී සියයට 0.1 දක්වා පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද 2015 මස වාර්තා කළ සියයට 2.9 හි සිට 2015 මාර්තු මාසයේ දී සියයට 2.5 දක්වා පහළ වැටී ඇත.
     
    කො.පා.මි.දර්ශනය 2015 පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා සියයට 0.4කින් පහළ වැටිණි. මාසය තුළ ආහාර මිල ගණන් පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. බොහෝ එළවළු වර්ග, සහල්, තිරිඟු පිටි, සමහර කරවල වර්ග සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් 2015 පෙබරවාරි මස පැවති මිල ගණන් සමඟ සැසඳීමේ දී පහළ වැටිණි. කෙසේ වුව ද, මස්, සමහර නැවුම් මත්ස්‍ය වර්ග, පලතුරු, පොල් සහ පිළියෙල කළ ආහාර වර්ගවල මිල ගණන් මේ මාසය තුළ ඉහළ ගියේය.
     
    2014 පෙබරවාරි මස පැවති අතුරු අයවැයට අනුව සිදු කළ එල්.පී. ගෑස් මිල සහ බස් ගාස්තු පහළ දැමීමේ සංශෝධනවල පූර්ණ බලපෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන සහ ප්‍රවාහන යන උප කාණ්ඩවල මිල ගණන් පහළ ගියේය. කෙසේ වුද, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු, සෞඛ්‍ය, විනෝදාත්මක හා සංස්කෘතික සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් හි ඉහළ යෑමක් වාර්තා විය. අධ්‍යාපන සහ සන්නිවේදන උප කාණ්ඩවල සාමාන්‍ය මිල ගණන් මෙම මාසය තුළ නොවෙනස්ව පැවතිණි.
     
    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලිකන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 පෙබරවාරි මස පැවති සියයට 0.8 හි සිට 2015 මාර්තු මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2015 පෙබරවාරි මස පැවති සියයට 3.2 හි සිට 2015 මාර්තු මාසයේ දී සියයට 3.0 දක්වා පහළ වැටී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya