ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    සෙනෙහස වැඩසටහන ජාතික සංහිදියාව ඇති කරන සමාජ සත්කාරයක් - මාතලේ දිසා ලේකම් නීල් ද අල්විස්

    අප්‍රේල් 01, 2015

    සෙනෙහස නමින් සංස්කෘති අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ගර්භණී මාතාවන් සදහා වූ රසවින්දනාත්මක සායනය ගර්භනී මව්වරුන්ගේ මානසික සුවතාව ඇති කරනවා මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් ආදි විවිධ ජාතීන්ට අයත් මව්වරුන් මෙන්ම පියවරුන් තුළ අන්තර් සංස්කෘති ආගමික සංහිදියාව ඇති කොට ජාතික ඒකාබද්ධතාවය ඇති කරන වැඩසටහනක් බව මාතලේ මහ දිසාපති දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතා පැවසීය.

    ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ රාජකාරී අරම්භ කොට තම ප්‍රථම නිල උත්සවය වශයෙන් ඊට සහභාගී වීමට ලැබීම භාග්‍යයක් බවද ඒ මහතා පැවසීය.

     

    මාතලේ දිසා ලේකම් නීල්ද අල්විස් මහතා මේ බැව් සදහන් කළේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 දා මාතලේ මුත්තුමාරි අම්මන් දේවස්ථානයේ පැවති සෙනෙහස ජාතික උත්සවයට සහභාගී වෙමිනි.

     

    ජාතීන් අතර සහජීවනය ඇති කරන මෙවැනි වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික්කයට ලබාදීම පිළිබද දිස්ත්‍රික් ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයාට සහ සංස්කෘතික අමාත්‍යංශයට සිය ස්තුතියද පළ කළේය.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් එච්.ජී.එච්.මල්කාන්ති, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මාතලේ ප්‍රාදේශිය ලේකම් මධුවන්ති මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර උත්සවය සදහා දිස්ත්‍රික්කයේ ගර්භණී මව්වරුන් දහසකට වැඩි පිරිසක් සහභාගී විය.

     

    මෙම අවස්ථාවේදී ගර්භණී මව්වරුන් සදහා පෝෂණ මලු බෙදා දුන් අතර රාජ්‍ය සංගීත කණ්ඩායමේ දායකත්වය ඇතිව මව තේමා කොටගත් ගී රසවින්ද වැඩසටහන් අතුළු විචිත්‍රාංග රැසක්ද පැවැත්විණි.

     

    සංස්කෘතික අමාත්‍යංශය, මාතලේ දිසාලේකම් කාර්යාලය හා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් උත්සවය සංවිධානය කෙරුණි.

    MAP/dmu_matale

    matale senehasa 2

    matale senehasa 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya