ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    දින 100 වැඩපිළිවෙළේ බොහෝ පොරොන්දු මේ වනවිට ඉටුකර අවසන්

    අප්‍රේල් 02, 2015

    දින 100 වැඩපිළිවෙළේ බොහෝ පොරොන්දු මේ වනවිට ඉටුකර අවසන් යැයි ද ඉදිරියේදී දේශපාලනඥයන්ටත් ආචාරධර්ම පද්ධතියක් තිබිය යුතු බවත් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට
    එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මාධ්‍ය නිරතුරුව ම නිවැරදි තොරතුරු ලබා දිය යුතුයි. පසුගිය අවුරුදු 05 තුළ මාධ්‍ය නිදහසක් පැවතියේ නැහැ. නව රජය තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට නීතිමය ලෙස පවරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරනවා. එය මාධ්‍යයට මෙන් ම පුරවැසියාට ද අදාළ වෙනවා.

    අද අපේ රජය බොහෝ අය‍ විවේචනය කරනවා. ඒකට නිදහස ඇති නිසයි එසේ කරන්නේ ඒක තමයි අපේ රජයේ ඇති වෙනස. නව රජයට දින 83ක් පමණ වෙනවා. පසුගිය රජය අවුරුදු 09ක් පැවතියා. ඒ රජය හා මේ රජය අතර සැසදීමේ වෑයමක් තියෙන්නේ.

    එදා දහ අටවෙනි සංශෝධනය ගෙනවිත් දේශපාලන කොදු නාරටිය කඩා දැමුවා. රාජ්‍ය සේවය, මැතිවරණ, පොලිස්, මුල්‍ය වැනි කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැති කර දැම්මා. රජයේ පත්වීම් සියල්ල විධායකය යටතට ගත්තා. වසර ගණනාවක් කළ විනාශය දින කිහිපයකින් නිවැරදි කළ නොහැකියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සෑම දේශපාලන පක්ෂයකටම නිදහසේ කටයුතු කළ හැකි තත්ත්වයක් තිබිය යුතුයි. හිටපු ජනාධිපතිතුමා තම ආධිපත්‍ය තහවුරු කර ගැනීමට සියලු පක්ෂ දෙකඩ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දැම්මා.

    එදා සරත් ෆොන්සේකා මහතා හිරකිරීම මුළු හමුදාවට ම කළ අපහාසයක්. එය දින 80ක් තුළ නිවැරදි කරන්න මේ රජය කටයුතු කළා. හමුදාවේ පූර්ණ ගෞරවය ආරක්ෂා කරන්න අපි සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දුන්නා.

    අපි දින සියයේ වැඩපි‍ළිවෙළේ විශාල වැඩකොටසක් මේ වන විට අවසන් කළා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීම, විශ්‍රාමිකයන්ට අන්තර් දීමනා ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා පොළී වැඩිකිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහතුනක මිල පහළ දැමීම, ඉන්ධන බදු අඩු කර එම සහනය ජනතාවට ලබාදීම, ගෑස් මිල අඩු කිරීම, Wifi කලාප ඇති කිරීම ඒවායි.

    චීනය අපේ රටේ දීර්ඝ කාලීන මිතුරෙක්, පෝට් සිටි ව්‍යාපෘතියේ භූමියේ ගැටලුවත් පරිසර ගැටලුවත් විසඳා ගත යුතුයි. ඒ සඳහා
    විශේෂඥයන්ගෙන් අපි උපදෙස් ලබා ගන්නවා. පසුගිය රජය පටන් ගත් නිසා අපි සියලු ව්‍යාපෘති නතර කරන්නේ නැහැ. ඒවා පිළිබඳ සොයා බලා සුදුසු ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මහ බැංකු බැඳුම්කර පිළිබඳ ගැටලුවේදී කොමිෂන් වාර්තාව ලැබීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. මේ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරමු යැයි අපි විපක්ෂයෙන් ඉල්ලා සිටියා. අපි ස්වාධීන පරීක්ෂණයකට සූදානම්, ඒකයි අපේ ආණ්ඩුවේ වෙනස යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya