ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සීගිරිය නරඹීමට නුදුරේදීම විදුලි සෝපානයක්

    අප්‍රේල් 05, 2015

    යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ලෝකප්‍රකට සීගිරි පර්වත බලකොටුව ආරක්ෂා කිරීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

    ඒ අනුව, එහි ආකර්ෂණය හා සංස්කෘතික වටිනාකම් වෙත හානියක් නොවන පරිදි සීගිරිය නැරඹීමට විදුලියෙන් ක්‍රියාකරන සෝපානයක් ස්ථාපනය කිරීමට රජය බලාපොරොත්තු වේ. මෙම නවීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ සීගිරිය නැරඹීමට ආබාධිත හා මහලු පුද්ගලයන්ට ද පහසුකම් සැලසීම වන බවත්මෙවැනි නවීකරණයන් දැනටමත් ලෝකයේ දියුණු රටවල පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    එසේම වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම ඓතිහාසික සීගිරිය ගල් බලකොටුව නවීකරණය කිරීමට රජය කටයුතු සම්පාදනය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    සීගිරිය ශ්‍රී ලංකාවේ ඉපැරණි නගර සැලසුම්කරණයේ හොඳම උදාහරණය වන අතර, ශ්‍රී ලංකාව තුළ වැඩිම සංචාරක ඓතිහාසික ස්ථානය ද සීගිරිය වේ.

     

    මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සීගිරිය නැරඹීම සඳහා සංචාරක ආකර්ෂණය දිනාගැනීමට උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya