අද දිනයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවති. නමුත් හෙට සිට නැවත එය වැඩි වීමේ හැකියාවක් පවතී.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව පළාතේ සහ ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින්න් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
PR

කොස්ගොඩ, ලුණුගම්වෙහෙර, තවලම සහ ඇඹිලිපිටිය යන නගරවලට අද (06), දහවල් 12.13ට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

















