ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කල්පිටිය දූපත් කල් බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සැලසුමක්

    අප්‍රේල් 06, 2015

    කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කල්පිටියේ දූපත්  11ක් සඳහා බදු පදනම මත ලබා දීමට ටෙන්ඩර් කැඳවීමට සැලසුම් කර තිබේ.

     

    මෙහිදී දූපත් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට කල් බදු ලෙස ලබාදෙනු ලැබේ. මීට පෙර කල්පිටිය දූපත් 14න් තුනක් ආයෝජකයින් සඳහා බදු පදනම මත ලබා දී තිබේ.

     

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරල් මල්රාජ් කිරිඇල්ල මහතා බිස්නස් ටයිම්ස් වෙත පවසා ඇති ආකාරයට එම ඉඩම් බදුදීමට පෙර කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කර  ඇත.

     

    එසේම ඉඩම් හා ජීවනෝපාය අහිමි වීම පිළිබඳව එහි වෙසෙන ධීවර ජනතාව සමග සාකච්ඡා කර සුහදශීලි විසඳුමකට පැමිණීම ගැන ද අවධානය යොමුකිරීමට අපේක්ෂා කෙරේ.

     

    මේවන විට බලධාරීන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉඩම් බදු දීම හා යටිතල පහසුකම් සංවර්ධනයට අනුගමනය කළ  යුතු ක්‍රියා මාර්ග කෙරෙහි ද අවධානය යොමුව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya