අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී පසුව එය නිරිත දිග සහ වයඔ දිග ප්‍රදේශ කරා පැතිරයයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.

පානදුර ,දෙනගම,දොඔගහවෙල සහ මාලිගාවිල යන නගරවලට අද (07), දහවල් 12.12ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

















