ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදා 12 වන සේනාංකයෙන් මඩුල්ල සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වෛද්‍ය සායන දෙකක්

    අප්‍රේල් 07, 2015
    මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල හා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වාර්ෂිකව නියං රකුසාට ගොදුරු වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකි. එහි ජීවත් වන දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ කෘෂිකර්මාන්තයයි. මෙමඟින් ඔවුන් ලබන ආදායම ඔවුන්ගේ දෛනික ජීවනෝපාය සඳහා පමණක් ප්‍රමාණවත් වේ. එනමුත් මෙම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලූ කළ ඔවුන් නොයෙකුත් ලෙඩ රෝගවලින් පෙළෙන අතර එම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හා ඖෂධ මිල දී ගැනීමට ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් නොමැති වීම මොවුන් මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවයි.
     
    මෙම ජනතාවගේ අවශ්‍යතාවන් වටහාගත් 12 වන සේනාංකයේ සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එන්.එම්. වීරසිංහ මහතා, 121 බල සේනාව සහ ඉහත ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධකර ගෙන පසුගියදා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හා සියඹලාණ්ඩුව පල්ලේවෙල ද්විතීයක විද්‍යාලයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදී. මේ සඳහා විශේෂඥ වෛද්‍ය ආචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙක් හා ඖෂධවේදීහු ද “ජයග්‍රහණය - කොළඹ පදනම“හි සාමාජික සාමාජිකාවෝ ද සහභාගී වූහ. 
     
    මෙම වෛද්‍ය සායනය මඟින් නොයෙකුත් ලෙඩ රෝගවලින් පෙළෙන රෝගීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගත් අතර මිලියනයකට ආසන්න ඖෂධ ද ඔවුන්ට නොමිලේ ලබා දුනි. ඇස් පෙනීමේ දුර්වලතා ඇති 200 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ද රෙදිපිළි හා පාසල් ළමුන් සඳහා පොත්පත් ද නොමිලේ ලබාදෙන ලදී. මෙම සමාජ සත්කාරක ක්‍රියාව ඉහත ගම්මානයන් හි ජීවත් වන දුගී දුප්පත් අසරණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට මහඟු පිටුවහලක් වූ බව 12 වන සේනාංකයේ සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එන්.එම්. වීරසිංහ මහතා පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya