ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදා 12 වන සේනාංකය සිය සංවත්සරය සමරයි

    අප්‍රේල් 09, 2015
    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය සිය 4 වන සංවත්සරය නිමිත්තෙන් ක්‍රීඩා තරගාවලියක්, සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්, සම්මාන පෙළපාළියක් ආදිය ඇතුළුව විවිධ වැඩසටහන් රැසක් පසුගියදා සංවිධානය කර තිබුණි.
     
    12 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ 4 වන සංවත්සර සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ක්‍රිකට්, අත්පන්දු සහ කඹ ඇදීම, වොලිබෝල් ආදි ක්‍රීඩා ඇතුළත් ක්‍රීඩා තරගාවලියෙන් මෙම වැඩසටහන් මාලාව ආරම්භ විය.
     
    සංවත්සරයට සමගාමිව ආගමික වතාවත් පවත්වන ලද්දේ කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාල පරිශ්‍රයේදීය.
     
    මෙම සේනාංකයේ සෙබළුන් විසින් හම්බන්තොට  ‘සරණ’ දෘෂ්‍යාබාධිත වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාර වේලක් ද  පිරිනැමූ අතර 12 වන සේනාංකයේ සේකාංකාධිපති එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ත්‍යාග පාර්සල් ද ලබාදෙන ලදී.
     
    සංවත්සරයට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංක මූලස්ථානයේදී එම සේනාංකාධිපති වෙත ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ද පිරිනැමීය.
     
    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya