ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    භූතානයේ අගමැති ෂෙරිං ටොබ්ගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    අප්‍රේල් 09, 2015

    භූතානයේ අගමැති ෂෙරිං ටොබ්ගේ මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව අද (09) සිට එළඹෙන සඳුදා (12) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

     

    මෙම සංචාරයේ දී අගමැති ටොබ්ගේ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අමතරව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ ‍නියෝජිතයෝ පිරිසක් හමුවීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ගෞරව භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට නියමිතය.

     

    ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සිකුරාදා (10) දිවා භෝජන සංග්‍රහයකදී භූතානයේ අගමැතිවරයා හමුවීමට අපේක්ෂා කෙරේ.

     

    භූතානය සිව්වන රජු වන ජිග්මේ සින්ග් වන්චුක් ගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් අගමැති ටොබ්ගේ මහතාට තිළිණයක් ලෙස පිරිනැමීමට ද බලාපොරොත්තු වේ.

     

    භූතාන අගමැතිවරයා කැලණිය හා ගංගාරාමය විහාරස්ථානයේ දී ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිත අතර, මහනුවර දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ ද වැඳ පුදා ගැනීමට නියමිතය.

     

    භූතාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ගසක් රෝපණය කරනු ඇත.

     

    අගමැති ෂෙරිං ටොබ්ගේ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මඟින් දෙරට අතර ගොඩනැඟෙන වැඩිදුර විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය හා සංස්කෘතික හිතෛෂීවන්තභාවය තුළින් ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත්ව පුළුල් වනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya