ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    12 වැනිදා මහනුවර විශේෂ රථවාහන සැලැස්මක් සහ මස් කඩ, සුරාසැල් වැසේ

    අප්‍රේල් 10, 2015

    අපවත්වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහ පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අප්‍රේල් 12 වැනි දිනදී මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම මස්කඩ සහ සුරාසැල් වසා දමන ලෙසත්, විනෝද උත්සව නතර කරන ලෙසත් සංවිධායක කමිටුව දැනුම් දෙයි.

    එමෙන්ම මහ නායක හිමිපාණන්ගේ අපවත්වීමට ශෝකය පළ කර සියළුම රාජ්‍ය ආයතන ඇතුළු අනිකුත් ස්ථාන වල කහ පැහැති ධජයක් ඉහළ නංවන ලෙසද කමිටුව ඉල්ලා සිටියි.

    ඊයේ (09) පස්වරුවේ මහනායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේශය මහජන ගෞරව සදහා අස්ගිරිය උඩගම විහාරස්ථානයේ තැන්පත් කළ අතර, අනතුරුව අද සිට අස්ගිරි මහා විහාරයේ ප්‍රා උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.

     

    ආදාහන පුජෝත්සවය පැවැත්වෙන 12 දින ප.ව.12.30 සිට ප.ව. 2.30 දක්වා වූ කාලය තුළ මහනුවර නගරයේ මහා මාර්ග රැසක් තාවකාලිකව වසා දැමීමටද කටයුතු යොදා ඇති බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද මහනුවර පොලීසිය දැනුම් දෙයි.

     

    අස්ගිරියේ පොලිස් ක්‍රීඩාංගනයේදී අප්‍රේල් මස 12 වන දින ප.ව.2.00ට පැවැත්වෙන මහ නායක හිමිපාණාන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් යොදා තිබේ.


    MAP/TA_dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya