ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව කොළඹ දී

    අප්‍රේල් 12, 2015
    2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව අප්‍රේල් 26 සිට 28 දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වීමට කොළඹ කොටස් වෙළඳ පොළ (CSE), දකුණු ආසියානු කොටස් හුවමාරු එකමුතුව (SAFE) හා එක්ව සැලසුම් කර ඇත.
     
    කලාපයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නිර්මාණය කරගැනීමටත් ආයෝජන දේශසීමා ලැයිස්තුගත කිරීම සඳහා හිතකර පරිසරයක් ගොඩනගා ගැනීමටත් ඒ තුළින් දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් මෙම සමුළුවේ අරමුණු අතර වේ.
     
    දේශසීමා හරහා ලැයිස්තුගත කිරීම් , නියාමන අනුකූලත්වය තත්ත්වයන් මගින්  වාසි අත් කරගැනීම හා ආර්ථිකය වර්ධනය කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ කොටස් හුවමාරු භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයතන, ආයෝජන විශේෂඥයන් සහ නියාමන හා වෙළෙඳපොළ ප්‍රධානීන් සඳහා විශේෂ අවස්ථාවක් ලෙස දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත්, ලෝක බැංකු දත්තවලට අනුව 2000 හා 2012 අතර 6.7% ක් සාමාන්‍ය වර්ධනයක් වාර්තා වූ කලාපයේ පවත්වන දකුණු ආසියානු ආයෝජන සමුළුව හැදින්විය හැක.
     
    ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ හා විශේෂයෙන් යහපාලනය, විනිවිදභාවය හා කලාපීය සහයෝගීතාව පිළිබඳ එකී ප්‍රදේශවල ආයෝජක විශ්වාසනීයභාවය ඇති කිරීමේ අභියෝග පිළිබඳ ව අවධානය යොමු කිරීමට මෙම සමුළුව තෝතැන්නක් වනු ඇත.
     
    සාක් කලාපයේ මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සහ එකී ආයතනවල නියෝජිත කණ්ඩායම් විශාල කණ්ඩායම් රැසක් සමඟ කලාපයට පිටත ආයෝජකයන් රැසක් ද මෙම සම්මේලනයට එක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya