ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොටට අංග සම්පූර්ණ මහ රෝහලක්

    අප්‍රේල් 12, 2015
    රුපියල් බිලියන 07ක වියදමින් නවීන තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ රෝහලක් හම්බන්තොට ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන ඇත.
     
    මේ රෝහල මගින් මොනරාගල, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක තුනෙහි ඉහළ යමින් පවතින සෞඛ්‍යආරක්ෂ අවශ්‍යතාවය සෙත සැලසෙනු ඇත.
     
    නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකෙරෙන මෙම රෝහල ඇඳන් 900ක් සහිත ව අක්කර 10ක භූමි ප්‍රමාණයක ඉදිවනු ඇත. දිගු කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පවුලේ සාමාජිකයාට ද තම නෑ මිතුරන් සමඟ නැවතීමේ අවස්ථාව සැලසෙනු ඇත. 
     
    මහල් 10කින් යුතු ගොඩනැගිලි සංකීර්ණයේ විවිධ නවාතැන් හා යටිතල පහසුකම් සහිත කලාපවලින් සමන්විත වෙයි. 
     
    මීට සමාන රෝහලක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙමින් පවතී. මහා පරිමාණ සංවර්ධන හා ජනගහන වර්ධනයට සරිලන පරිදි පහසුකම් වැඩිදියුණු කිරීම හා උසස් ක්‍රමවේද හඳුන්වාදීම හදිසි අවශ්‍යතාවයක් වේ.
     
    තවදුරටත් සිදුකෙරෙන ව්‍යාප්ත කිරීමට යෝජිත සංකීර්ණයේ සමස්ත ගුණාත්මක භාවය හා ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්ම සූදානම් කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya