ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වයස අවුරුදු 55න් පසුත් හමුදා සෙබළුන්ට ආබාධිත දීමනාවක්

    අප්‍රේල් 15, 2015

    වයස අවුරුදු 55න් පසු, රටේ නිදහස් අරගලයයේ දී  ආබාධිත තත්ත්වයට පත් වූ සොල්දාදුවන් වෙත  ආබාධිත දීමනාවක් ගෙවීමට කටයුතු සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.


    වතුපිටිවල ආබාධිත සෙබළ ගම්මානයේ ආබාධිත සෙබළුන් සමඟ සාකච්ඡාකින් අනතුරුව ඒ මහතා මේ අදහස් පළ කළේය.

     

    වත්මන් ක්‍රියාවලියට අනුව, සෙබළුන් විශ්‍රාම ගත් විට ආබාධිත දීමනාව අත්හිටවනු ලබයි. සෙබළුන්ගේ තනතුරුවලට හිමි විශ්‍රාම වැටුප් පමණක් ඔවුන් ලබා ගනිති. එම නිසා ඔවුන් මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන, ආබාධිත හමුදා සෙබළුන් විශ්‍රාම ගිය පසු ද ආබාධිත දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා සිටියේය.

     

    මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව මේ වනවිට සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා කියා සිටියේය. ජනාධිපතිතුමාගේ අනුමැතියෙන් පසු එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya