ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොදු සමා කාලය අප්‍රේල් 25 දක්වා දීර්ඝ කරයි

    අප්‍රේල් 16, 2015

    නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාලසීමාව මාස 06 ඉක්මවන පුද්ගලයන්ට නීත්‍යාණුකූලව යුද්ධ හමුදා සේවයට කැඳවීමකින් තොරව පරිපාලනමය වශයෙන් නීත්‍යාණුකූලව යුද්ධ හමුදාවෙන් අස්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක පොදු සමා කාලය පසුගිය (අප්‍රේල් 02) ආරම්භ විය. මෙම පොදු සමා කාලය තවත් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව ලබන 25 වන දින දක්වා එම කාලය දීර්ඝ කර ඇති බව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේය.

     

    මීට පෙර අප්‍රේල්  02 වන දින සිට අද (16) දක්වා  සේවයෙන් පළාගිය හමුදා සෙබලුන් හට නීත්‍යානුකූලව ඉවත් වීමට කාලය ලබා දී තිබුණි.

     

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් ජයවීර මහතා ප්‍රකාශ කර සිටියේ යුධ හමුදාව වෙතින් අස්කිරිමේ කටයුතු කඩිනමින් සිදුකරණ බවත් මේ දක්වා අස්කිරීම් කටයුතු වෙනුවෙන් අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු නොකරන ලද නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින සෙබළුන් හට හැකි ඉක්මනින් සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසත් එම කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya