ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බීමත් රියදුරන් 792 දෙනකු අත්අඩංගුවට

    අප්‍රේල් 16, 2015

    උත්සව සමයේ පොලීසිය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමෙන් පසුගිය 11 දා සිට ඊයේ (15) දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් බීමත් රියදුරන් 792 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය ප්‍රකාශ කරයි.  මේ පිරිස අතරින් වැඩිම ප්‍රමාණය බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇත.

     

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර යතුරුපැදිකරුවන් 402 දෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් 240 දෙනෙකු වන අතර මෝටර් රථ රියදුරන් 24 දෙනෙකු, ලොරි රථ රියදුරන් 20 දෙදෙනෙකු සහ වෑන් රථ රියදුරන් 8 දෙනෙකු ද සිටිති.

     

    පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් රියදුරන් 4දෙනෙකු පෞද්ගලික බස් රථ රියදුරන් බවයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙක් ද බීමතින් රිය පැදවීම පිළිබඳ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

     

    මෙලෙස අත්අඩංගුවට ගත් රියදුරන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය පවසයි.

     

    අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පසුගිය 11 වන දින ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම ලබන 20 වන දින දක්වා ක්‍රියාත්මක කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya