අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මි. 100 ට වැඩි) ඇතිවිය හැක.
ත්‍රීකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය බවද නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

සන්ධ්‍යාකාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තව දුරටත් වැඩි වන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

















