ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පින්නවල නව සත්වෝද්‍යානයට 88,500ක සංචාරකයන්

    අප්‍රේල් 20, 2015
    පසුගිය 17දා අභිනවයෙන් විවෘත කළ පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ඊයේ (19) වන විට 85,500කට ආසන්න සංචාරකයන් පිරිසක් පැමිණ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා පැවසීය.
     
    ඒ අනුව සත්වෝද්‍යානය විවෘත කළ 17දා 25,000කට අධික පිරිසක් පැමිණෙන්නට ඇතැයි අපේක්ෂා කරන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව 18දා 29,500කට ආසන්න පිරිසක් මෙන් ම ඊයේ 31,000කට ආසන්න පිරිසක් පැමිණෙන්නට ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    මේ වන විට දිවියන් සහ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මුවන් විශේෂ සියල්ල ම මෙන් ම කුඩා ප්‍රමාණයේ සතුන් වන හාවන්, මීමින්නන් සහ ඉබි විශේෂ ඇතුළු සතුන් රැසක් මිශ්‍ර කලාපයක් ද මෙහි වේ. මීට අමතර ව පක්ෂීන් මෙන් ම උරග විශේෂ කිහිපයක් ද මෙහිදී දැක ගත හැකිය.
     
    ඉතා ඉක්මනින් ම ලංකාවේ කිඹුලන් විශේෂ මෙන් ම වලසුන්ගෙන් සමන්විත කලාපයන් ද ඇති කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්ව උයන වන මෙම පින්නවල සත්වෝද්‍යානය පසුගිය 17දා මහජනයා සඳහා විවෘත කෙරුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya