ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මුඛ පෝලියෝ එන්නත වෙනුවට විදින එන්නතක්

    අප්‍රේල් 23, 2015
    පෝලියෝ රෝගය තුරන් කිරීමේ ක්‍රියාදාමයේ දැවැන්ත පියවරක් වශයෙන් පෝලියෝ විදින එන්නතක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් මුඛ පෝලියෝ එන්නත සමඟ අජීවී පෝලියෝ එන්නත විදින එන්නතක්(IPV) ලෙස ලබන ජූලි 01දා සිට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට (EPI) හඳුන්වා දෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
     සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (23) කොළඹ, වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
     
    මේ වන විට පෝලියෝ රෝගය මුළු ලංකාවෙන් ම තුරන්කර තිබේ. ගෝලීය වශයෙන් පෝලියෝ රෝගය ලංකාවෙන් තුරන් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සහතික කර ඇත. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ විවිධ එන්නත් වර්ග හඳුන්වා දුන් අතර පෝලියෝ වසංගතයක් ඇති වූ අවස්ථාවේ ප්‍රථම මුඛ පෝලියෝ එන්නත හඳුන්වා දෙන ලද්දේ 1962දී ය. 1993 සිට මෙරට පෝලියෝ රෝගීන් කිසිවෙක් වාර්තා වී නැත. 1978 වසරේ සෞඛ්‍ය සංවිධානය මඟින් දීප ව්‍යාප්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඇරඹීම මෙයට හේතු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya