ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රබර් සඳහා රුපියල් 350 ක සහතික මිලක්

    අප්‍රේල් 27, 2015
    ජනාධිපති ධූරයේ විධායක බලතල අහෝසි කළ යුතු බවට පසුගිය තිස් වසරක් පුරා සියලු දේශපාලන පක්ෂ ජනතාවට ප‍්‍රකාශ කළ බවත් අසීමිත බලතල අහෝසි කරන්නට ජනවරමක් ඉල්ලා සිටි හිටපු දේශපාලනඥයින් ඒ ජනවරම ලැබුණු පසු විධායක බලය තව තවත් වැඩි කර ගන්නට පනත් ඉදිරිපත් කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    විධායක බලය අහෝසි කරන්නට සැබෑ උවමනිවකින් 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ වත්මන් ජනාධිපතිවරයා පමණක්ම බැවින් පනත සම්මත කිරීමට සහයෝගය ලබා දෙන මෙන් තමා පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
     
    ඇමතිවරයා එම අදහස් පළ කළේ පෙරේදා ඇල්පිටිය, පිටිගල, අතුකෝරළ ශාලාවේ පැවැති ​​කුඩා රබර් ඉඩම් හිමියන්ට රුපියල් 350 ක සහතික මිල ගෙවීමේ ගාල්ල දිස්ත‍්‍රික් සමාරම්භක උත්සවයේ දී ය.
     
    රජයේ දින 100 වැඩසටහන යටතේ ජනතාවට පොරොන්දු වූ පරිදි ගාල්ල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් ඉඩම් හිමියන් 8000 කට පමණ රබර් කිලෝ 1ක් සඳහා රුපියල් 350 ක සහතික මිලක් ගෙවීම ආරම්භ කෙරෙණි.
     
    හෙක්ටෙයාර් 20 ට අඩු රබර් ඉඩම් හිමියන්ට ආර්. එස්. එස්. නො. 1 සහ 2 කාණ්ඩ සඳහා  රු. 350 ක සහතික මිලක් සහ නො. 3 සහ 4 කාණ්ඩ සඳහා රු. 325 ක් ද ඊට වැඩි කාණ්ඩ සඳහා රු. 300 ක මිලක් ද නියම කර ඇත්තේ ගුණාත්මක රබර් සැපයීම සඳහා ගොවීන් දිරිමත් කිරීම උදෙසාය.
     
    කුඩා ඉඩම් හිමියන් විසින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බලයලත් වෙළෙදුන්ට ලබා දෙන රබර් සඳහා සහතික මිල ගෙවීම දිවයින් පුරා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාල මඟින් ලබා ගැනීමට කටයුතු සැලසුමක් කර ඇත.
     
    ගාල්ල දිස්ත‍්‍රික්කයෙහි 3000 ක් පමණ කුඩා රබර් ඉඩම් හිමියන් සහතික මිල ලබා දීමේ මෙම උත්සවයට එක්ව සිටියහ. 
     
    පසුගිය රජය සමයේ සිදු වූ රබර් වෙළෙඳපොළ ආශ‍්‍රිත වැරදි ප‍්‍රතිපත්ති නිසා අපනයනය අඩාල වී සමස්ත රබර් මිල පහත ගිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කුඩා රබර් ඉඩම් හිමියන් රැසක් තම වගාවෙන් ඉවත්වන තත්ත්වයක් රටතුළ උද්ගත වී තිබුණු බව ද සඳහන් කළේය.
     
    එවැනි තත්ත්වයන් වර්ධනය වුවහොත් අපේ රබර් කර්මාන්තයට සිදුවන අනාගත විනාශයෙන් ගොඩගන්නට කුඩා රබර් ඉඩම් හිමියන් දිරිමත් කිරීමට මෙම සහතික මිල වත්මන් රජය විසින් නියම කළ බවත්  වත්මන් රජය ඉදිරිපත් කළ දින 100 පොරොන්දු රැසක් ඉටු කිරීමට හැකි වූයේ බහුතර බලයක් නැති පාර්ලිමේන්තුවක සිට බව ජනතාව අමතක කළ යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ​​ජනතාව අපේක්ෂා කරන පරිදි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිය හැකි 19 වැනි සංශෝධනයට කැමැත්ත පළ නොකරන මහජන නියෝජිතයින්ට ඊළඟ මහමැතිවරණයේ දී ජනතාව හොඳම පිළිතුර ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසීය.
     
    මෙම අවස්ථාවට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ රෝහණ හපුගහවත්ත, එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සී. පී. රාජකරුණා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ හා තුරු සවිය සමිතියේ මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya