ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වතු කම්කරු ජනතාවට ස්ථිර නිවාස සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු

    අප්‍රේල් 28, 2015

    වතු කම්කරු ජනතාවට ස්ථිර නිවාස ඉදිකර ගැනීම සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික උත්සවයක් පසුගියදා (25) බණ්ඩාරවෙල නගර සභා ශ්‍රවනාගාරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    2003න් පසු වතු කම්කරු ජනතාව වෙනුවෙන් කිසිදු ආණ්ඩුවක් සහ පාලකයෙකු කිසිවක් සිදු නොකළ අතර, සියල්ල වචනවලට සීමා වූ නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණාට පසුව දින 100 වැඩසටහන යටතේ වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය පළමු වතාවට ලබා දීමට ආණ්ඩුව ලෙස අපට හැකිවී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාව අමතමින් පවසා සිටියේය.

     

    වතු කම්කරු ජනයා වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකිරිමේ වැඩකටයුතු අපේ වතු යටිතල පහසුකම් අමාත්‍ය පී. දිගම්බරම් මහතා මේ වන විටත්  ආරම්භ කර තිබෙන අතර, දැනටමත්, ස්ථිර නිවාස 370ක් ඉදිකිරිම සඳහා මුල්ගල තබා තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
     


    මේ අතර ස්ථිර නිවාස ඉදිකරගැනීම සඳහා වතුකරයේ ජනතාවට ලබාදෙන ණය මුදලට අමතරව රුපියල් ලක්ෂ 12ක් දීමනාවක් ලෙස ලබාදීමටද ආණ්ඩුව කටයුතු යොදා තිබෙන අතර ස්ථිර  නිවාස විසිපන්දාහක් ඉදිකරගැනීම සඳහා ඉන්දීය ආණ්ඩුව මේ වන විටත් මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීවේය.

     

    ජාතික තරුණ සේවා සභාවේ මැදිහත්වීම මත වතුකරයේ යෞවන සමාජ ගොඩනැගීමේ වැඩ කටයුතුද ආණ්ඩුව ආරම්භ කර තිබෙන අතර ගර්භනි මාතාවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්වය නඟා සිටුවීම  සඳහා ආණ්ඩුව ලබාදෙන රුපියල් විසිදාහ පෝෂණ දීමනාව වතුකරයේ ගර්භනි කාන්තාවන්ට විශාල සහනයක් වී තිබෙන බව ද ඒ මහතා පැවසුවේය.

     

    රජය ලෙස අප මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ වතුකරය දියුණු කර වතු කම්කරු ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවා ඉදිරියට ගෙන යාමට බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එම ජනයා හෑල්ලුවට ලක් නොකර ඒ අයගේද අනාගතය තහවුරු කිරිම අපේ ආණ්ඩුවේ ස්ථාවරය වන බව අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya