ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ගේ අධ්‍යාපනයයි ක්‍රීඩාවයි සමබර කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක්

    අප්‍රේල් 28, 2015

    දරුවන්ගේ අධ්‍යාපනයයි ක්‍රීඩාවයි සමබර කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක් බවත් දරුවන් කුඩාකල සිටම ශාරීරික අභ්‍යාසවල නිරතවීමෙන් එදිනෙදා කටයුතු කිරීමේදී ප්‍රබෝධමත්ව වැඩකිරීමට හැකියාව ඇතිවෙන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා එසේ පැවසුයේ අද (28) වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති වයඹ පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි.

     

    ක්‍රීඩා ගුරුවරුන් විදේශ රටකට යවලා පුහුණුවීම් කරවන්න ඉදිරියට වැඩපිළිවෙලක් සකස් කරන්නට කටයුතු කරන බවත් එයින් ලැබෙන අත්දැකීම් වලින් තවදුරටත් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වැඩි දියුණු කරවන්න ගුරුවරුන්ට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    එහිදී අමාත්‍යවරයා මෙසේද කීය,

     

    “අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ 2014 වර්ෂයේ ඉඳන් අද දක්වා වයඹ පළාත  ලංකාවේ ඉහලම තැනකට ඇවිත් තිබෙනවා.  අපිට ඉහළින් ඉන්නේ බස්නාහිර පළාත. දරුවන්ගේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සම්බන්ධව විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට ගෞරවය හිමි වෙනවා. ඒ කාර්යය වෙනුවෙන් අද ඔවුන්ට  සම්මාන පිරිනැමෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයයි ක්‍රීඩාවයි සමබර කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක්. ඒ වගේම ඔවුන්ව ඇගයීම විශාල පෙරගමනක්. මමත් සෑම දිනකම උදේට ශාරීරික අභ්‍යාසවල යෙදෙනවා. එවිට මුළු දවස පුරාවට ප්‍රබෝධමත් විදියට වැඩකරන්න පුළුවන්. ඒ නිසා දරුවනුත් කුඩාකල සිටම ශාරීරික අභ්‍යාසවල නිරතවීමෙන්  එදිනෙදා කටයුතු කිරීමේදී ප්‍රබෝධමත්ව වැඩකිරීමට හැකියාව ඇතිවෙනවා

     

    ලෝකයේ අනිත් රටවල දරුවන්ගේ උස සහ බර අනුව කුමන ක්‍රීඩාවට සුදුසුද කියලා වර්ග කරනවා. ශරීරයේ රෙඩ් ෆයිබර් සහ වයිට් ෆයිබර් කියලා ජානමය කොටස් තියනවා. රෙඩ් ෆයිබර් ඇති අයට දරාගැනීමේ ශක්තිය වැඩියි. දවසකට අපේ ශරීරයට කැලරි 170 ක ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා.  ක්‍රීඩාවේ යෙදීමෙන් ශරීරයේ සියලුම ක්‍රියාවලියන් සමබර වෙනවා. ඒ නිසා අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් දරුවන්ට එක සේ ලබාදීමට කටයුතු කිරීමට දෙමව්පියන් වැඩිහිටියන් මෙන්ම පාසල් වල ගුරුවරුන් වගබලාගත යුතුව තිබෙනවා. ඉදිරියට වයඹ පළාතේ ක්‍රීඩා පාසල් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියනවා. ඒ සියල්ල වෙනුවෙන් කැප වෙලා වැඩකරන්න.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya