ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නව මැතිවරණ ක්‍රමයකට සැලසුම්

    අප්‍රේල් 29, 2015

    නව මැතිවරණ ක්‍රමය ගෙන ඒම සඳහා මේ වන විට සියලු පක්ෂ සමඟ අවබෝධයක පැමිණ සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඒ තුළින් මෙරට ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කරන බව ද පෙන්වා දුන්නේය.

     

    කේවල හා සුළු පක්ෂවලට අසාධාරණයක් නොවන මිශ්‍ර ක්‍රමයක් පිළිබඳ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවධානය යොමු කර තිබෙන බවත් එහිදී නව සීමා නිර්ණයන් ගැසට් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ද මෙහිදී කරුණු පැහැදිලි කළේය.

     

    ඒ අනුව 20 ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් පසු මහමැතිවරණයට යාමට අපේක්ෂා කරන බවත් ඉන් පසු ජාතික රජයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    kpm/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya