ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විධායක බලය කප්පාදු කිරීමට එජාපය එකතුවීම සමහරුන්ට පුදුමයක්

    මැයි 01, 2015

    A karuවිධායක ජනාධිපතික්‍රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය එහි බලතල කප්පාදු කිරීමට කතා කිරීම සම්බන්ධයෙන් සමහරු අද පුදුමයෙන් යුතුව කතා කරනවා ''යැයි බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

    19 වන සංශෝධනය නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය රට තුළ තහවුරු කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙස මා සලකනවා.

     

    නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ඇතුළු අධිකරණයේ ස්වාධීනත්වය,පොලීසිය අතුළු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය,යහපාලනය හා දූෂණය පිටු දැකීමට අදාළව වැදගත් ප්‍රතිපාදන රැසක් මේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත්ව තිබෙනවා.

     

    විධායක බලය සිය දුෂ්ට බල අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට එරෙහිව යොදාගත් අවස්ථා රැසක් පසුගිය දා දැක ගැනීමට ලබුණා. රටේ අණ නිකුත් කරන්නාගේ අණ හා කරුණාව මත පමණක් සියල්ල ක්‍රියාත්මක වන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයට ,යහපාලනයට කිසිදු ඉඩක් නැහැ. අප මෙම ව්‍යවස්ථා සංශෝධනය කියවිය යුත්තේ ඒ අමිහිරි අතීත අත්දකීම් ද සමඟ බව අමාත්‍යවරයා පැවසී ය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා 19 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya