ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර මැයි දිනය අද - පක්ෂ රැසක් මැයි දිනය සැමරීමට එක්වෙයි

    මැයි 01, 2015

    වැඩකරන ජනතාව සමරන ජාත්‍යන්තර මැයි දිනය අදයි. ජාත්‍යන්තර මැයි දිනය සමරමින් අද (01) එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් කොළඹ නගරයේ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, හයිඩ් පිටියේ දී පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දී පැවැත්වෙන අතර ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය හා සැමරුම බී.ආර්.සී. ක්‍රීඩාංගනයේ දී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    වමේ සියලු පක්ෂ එකරාශී වෙමින් පැවැත්වෙන මැයි දින සැමරුම කිරුළපන, ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගනයේ දී පවැත්වෙයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැයි දින සැමරුම කිළිනොච්චිය ධර්මපුරම් හී දී පැවැත්වෙයි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි රැළිය තලවකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.ඊ.පී.ඩී.පී. පක්ෂයේ මැයි රැළිය යාපනය මනිප්පායි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙයි. නව සමසමාජ පක්ෂයේ මැයි රැළිය කොටුව,ගුණසිංහපුර දී පැවැත්වෙන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය රාජගිරිය, බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

     

    මීට අමතරව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල මැයි රැළි රැසක් අද දිනය පුරා පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya