ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වතු ප්‍රජාව සවිබල ගැන්වීමට දස අවුරුදු සැලැස්මක්

    මැයි 02, 2015

    මෙරට වතු ජනතාවගේ ජීවන තත්වය නැංවීමට දස අවුරුදු සැලැස්මක් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මඟින් පසුගියදා සම්පාදනය කිරීම ආරම්භ කරනු ලැබීය. 2015 සිට 2025 දක්වා ක්‍රියාත්මක කිරීමට සකස් කරන මෙම ජාතික සැලැස්ම සම්පාදනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ද දායකත්වය සපයයි.

    නව යහපාලන රජයේ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් පී. තිගාම්බරම් මහතාගේ ඒකායන අරමුණ වූයේ වතු ප්‍රජාවට සේවය කිරීමයි. ඒ අනුව අමාත්‍යාංශ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කල අමාත්‍යවරයා මෙම වැඩ සටහන සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්හ.

     

    මේ යටතේ වසර 10 ඇතුලත වතු ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ඇත. විශේෂයෙන්ම වතු ජනතාවගේ නිවාස ගැටලුව සෞඛ්‍යය හා සනීපාරක්ෂක ගැටලු මෙම සැලැස්මට අනුව ක්‍රමිකව විසඳනු ඇත. එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමු, දකුණු, බස්නාහිර පළාත් වල ජීවත් වන වතු තරුණ තරුණියන් සවිබල ගැන්වීමටද කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම නුවරඑළිය ඇතුළු වතු කරයේ ජීවත්වන කාන්තාවන් සවිබල ගැන්වීමට ද මේ යටතේ කටයුතු කිරීමට නියමිතයි.

     

    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය නායක පී. තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි විද්වත් මණ්ඩලයක් මඟින් දස අවුරුදු සැලැස්ම කොළඔ ටාජ් සමුද්‍ර හෝටලයේදි සම්පාදනය කිරීම මෙලස අද දින ආරම්භ කරනු ලැබුවා.

     

    මෙම උත්සවය ආරම්භ කිරිමේ අවස්ථාවට කොළඔ දි අද එක්වෙමින් අමාත්‍ය පී. තිගාම්බරම් මහතා ප්‍රකාශ කළේ තම ආදරණීය වතු ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමට තමන් අඛණ්ඩව කැප වන බවයි.

     

    මෙම උත්සවයට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, ප්‍රතිපත්ති සම්පාදක නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා මහතා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සුබිනායි නන්දි මහතා, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥනශෝති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya