ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සබරගමු පළාතේ ගම්මාන නගා සිටුවීමට දකුණු කොරියානු සහය

    මැයි 04, 2015
    දකුණු කොරියානු අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සහ සබරගමුව පළාත් සභාව එක්ව පළාතේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත.
     
    එම ව්‍යාපෘතිය SANMAUL ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති අතර ඒ යටතේ දැනටමත් කෑගල්ල දිස්ත්‍රිකයේ පිටියගම ගම්මානය තෝරාගෙන එම ගම්මානය සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත.
     
    එම ව්‍යාපෘතිය යටතේ පිටියගම ග්‍රාමයේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පරිසර සංවර්ධනය වෙනුවෙන් දකුණු කොරියානු අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතය ආයතනයේ දකුණු කොරියානු ඔවර්සිස් ස්වෙච්ඡා සංවිධානය (Peorea overseas volunteer) විසින් රුපියල් ලක්ෂ 780ක මුදලක් ලබා දී ඇත.
     
    මීට අමතර ව එම ග්‍රාමයේ ප්‍රජාව වෙත ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව තුළ අවශ්‍ය පුහුණුව හා දැනුම ලබා දීමට විශේෂ පුහුණු ව්‍යාපෘතියක් ද සැලසුම් කර ඇත.
     
    මෙම සෙමාවුල් (SANMAUL) ව්‍යාපෘතිය යටතේ තෝරාගනු ලැබු ග්‍රාමීය ප්‍රජාව වෙත ස්වයං රැකියා, ආර්ථික කළමනාකරණය, පරිසර සංරක්ෂණය, තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි යන ක්ෂේත්‍රවලට අදාළ දැනුම මෙන් ම ඊට අවශ්‍ය උපකරණ හා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.
     
    පිටියගම ව්‍යාපෘතියට සමගාමී ව රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සෙසු ග්‍රාමීය ප්‍රදේශවල ද මෙම ව්‍යාපෘතිය 
    ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පසුගියදා රත්නපුර ප්‍රධාන අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    සබරගමු පළාත් සභාව මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජලය, විදුලිය, මාර්ග ඇතුලු විවිධ යටිතල පහසුකම් සපයාලීමට කටයුතු කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya