ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ ගරාවැටී තිබූ මාතෘ සායන ප්‍රතිසංස්කරණය කරයි

    මැයි 04, 2015
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ගරා වැටීමට ලක් ව ඇති සියලු මාතෘ සායන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සබරගමු පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවයි.
     
    මේ යටතේ කෑගල්ල දිස්ත්‍රිකයේ මහකෙහෙල්වල, මුරුතවල, වෑගන්තලේ, ලෙව්කේ, ඉඩම්පිටිය, අලුත්නුවර සහ වේරකේ යන මතෘ සායන නවීකරණය කර ජනතා අයිතියට පැවරීම පසුගියදා සිදුවිය.
     
    මෙම සායනවලින් බොහොමයක් දිරාපත්ව කඩා වැටීමේ අවදානමට ලක් ව පැවති අතර එම මාතෘ සායන 07 සංවර්ධනය කිරීම සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් ලක්ෂ 42 කි. මුළුමනින් ම නවීකරණය කරන ලද මෙම සායනය සඳහා අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සහ උපකරණ පළාත් සභාව මගින් ලබා දීමට කටයුතු කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya