ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 අප්‍රේල් මස උද්ධමනය

    මැයි 05, 2015
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ 
     
    (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය 2015 අප්‍රේල් මාසයේ දී ලක්ෂ්‍යමය පදනම මත පූර්ව මාසයේ පරිදිම 0.1% හි  නොවෙනස්ව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
     
    වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 මාර්තු මස පැවති 2.5% හි සිට 2015 අප්‍රේල් මාසයේ දී 2.1% දක්වා පහළ වැටිණි. 
     
    කො.පා.මි. දර්ශකය 2015 මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා  0.2% කින් ඉහළ ගොස් ඇත. මාසය තුළ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර නොවන කාණ්ඩයේ රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු, සෞඛ්‍ය, විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් හි ඉහළ යෑම් වාර්තා විය. විනෝදාත්මක හා සංස්කෘතික, ප්‍රවාහන, අධ්‍යාපන සහ සන්නිවේදන යන උප කාණ්ඩවල මිල ගණන් මේ මාසය තුළ නොවෙනස් ව පැවතිණි.
     
    මේ මාසය තුළ ආහාර මිල ගණන් පහළ යෑම 2015 අප්‍රේල් මස උද්ධමන පීඩනය අඩු කිරීමට හේතු විය. බොහෝ එළවළු වර්ග, සහල්, සමහර මත්ස්‍ය හා කරවල වර්ග, අමු මිරිස්, රතු ළූනු සහ පොල් ආදියෙහි මිල ගණන් 2015 මාර්තු මස පැවති මිල ගණන් සමඟ සසදන විට පහළ ගියේය. කුකුළු මස්, හරක් මස්, පොල්තෙල්, අර්තාපල්, දෙහි, ලොකු ළූනු සහ සමහර පලතුරු වර්ගවල සුළු වශයෙන් මිල ඉහළ යෑම් මේ මස තුළ වාර්තා විය.
     
    ආර්ථිකයෙ හි යටිදැරි උද්ධමනය පිළිඹිබු කරන මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 මාර්තු මස පැවති 1.4% හි සිට 2015 අප්‍රේල් මාසයේදී 2.4% දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 මාර්තු මස පැවති 3.0%සිට 205 අප්‍රේල් මාසයේදී 2.9% දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya