ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ රිය අනතුරුවලින් දිනකට එක් ළමයෙකු මිය යයි

    මැයි 05, 2015

    ලෝකයේ දිනකට ළමුන් 500 දෙනෙකු මාර්ග රිය අනතුරු හේතුවෙන් මිය යන අතර ශ්‍රී ලංකාවේ ද දිනකට එක් ළමයෙකු මාර්ග රිය අනතුරු හේතුවෙන් මිය යන බව පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලි වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන ලෝක මාර්ග ආරක්ෂණ සතිය ඊයේ (04) සිට එළඹෙන 10වන ඉරිදා දක්වා යෙදී ඇති අතර මෙම වසරේ දී ‘ලෝක ළමා මාර්ග ආරක්ෂණ සතිය‘ ලෙස නම්කර ළමුන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    එසේම දිනකට මාර්ග රිය අනතුරුවලින් පුද්ගලයන් 8ත් 9ත් අතර ප්‍රමාණයක් මියයන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

     

    මෙලෙස රිය අනතුරුවලින් මිය යන හෝ තුවාල ලබන බහුතරයක් පා පැදිකරුවන් හා පදිකයන් වන අතර ඉන් වැඩි ප්‍රතිශතයක් ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින පුද්ගලයන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    අප රටතුළ මාර්ග අනතුරු හේතුවෙන් දිනෙන් දින ඉහළ යමින් පවතින මියයන හා තුවාල ලබන අයගේ ප්‍රමාණය අවම කරමින් ශ්‍රී ලංකාවාසී ජනතාවට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ලබාදීම මාර්ග ආරක්ෂාව පිළිබඳබ ජාතික සභාවේ එක් ප්‍රධාන වගකීමකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya