ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රට පාවාදී ඇහැලේපොළ කෙනෙක් වෙන්නේ නැහැ

    මැයි 06, 2015
    සමහරු පක්ෂය බේරාගන්න ගොස් රට පාවා දුන්නත් අප කොතෙනකදීවත් රට පාවාදී ඇහැලේපොළ කෙනෙක් වෙන්නේ නැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කළුතර, බේරුවල ආසනයේ රුපියල් ලක්ෂ 63ක වියදමින් ඉදිකරන ලද සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවන්ට එක්වෙමිනි.
     
    ඒ අනුව රුපියල් ලක්ෂ 22ක වියදමින් ඉදිකරන ලද මස්සල ප්‍රජා ශාලාව, රුපියල් ලක්ෂ 41ක වියදමින් ඉදිකරන ලද අඹේපිටිය සේවා පියස හා ප්‍රජා ශාලව මෙසේ ජනතා අයිතියට පත්කෙරිණි. 
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙසයි. එතුමා හැම දේශපාලන රැස්වීමක් ම ඇමතුවේ එසේයි. එහෙම කියද්දී එක්සත් ජාතික පාක්ෂිකයන් ඔල්වරසන් දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කර උඩ තියා ගෙන ගෙනිච්චා. එතුමාට ජයග්‍රහණය ලබා දුන්නා. ඒ සඳහා අප එක්සත් ජාතික පක්ෂයටත් එම පාක්ෂිකයන්ටත් ගෞරවනීය ස්තූතිය පුද කළ යුතුයි. 
     
    තුට්ටු දෙකේ පක්ෂ භේද බලන්නේ නැතුව ඒ මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දිනවන්න කටයුතු කළා. එසේම එක්සත් ජාතික පාක්ෂිකයෝ එකතු කර ගෙන රට හදන එක කොච්චර හොඳද? අපි මේ කරන්නෙත් රට හදන එකයි. කිහිප දෙනෙක් අපි මැරුණත් එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා කිව්වත්, මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට, පොදු ජනතාවට ඒ එකකින්වත් වැඩක් නැහැ. සාමාන්‍ය අහිංසක ජනතාවට ඕනෑ මේ සියලු පක්ෂ එකතුවෙලා රට හදන්නයි. මේ රටේ මිනිස්සු හැමදාම ඉල්ලුවේ ජාතික ආණ්ඩුවක්. ඒ ගැන අපි ගිය හැම රැස්වීමකදී ම ජනතාව කිව්වා. අපි මේ සැරෙත් ඡන්දය දිනලා නැවත හදන්නේ ජාතික ආණ්ඩුවක්. අපි දිනලා ඔක්කොම පක්ෂ ජාතික ආණ්ඩුවට කැඳවනවා. පළාත් පාලන ආයතන මැයි මාසේ 15 වෙනිදාට විසුරුවනවා. ඉන් පසු නාමයෝජනා කැඳවා පළමු වරට කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පවත්වනවා යැයි ද සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya