අප්‍රේල් 25, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉදිරියට

    මැයි 07, 2015
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අද්වීතීය ස්ථානයක් ළගා කර ගනිමින් ශී‍්‍ර ලංකාව එම ක්ෂේත‍්‍රයේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙන බව ලෝක ආර්ථික සමුළුව විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව පෙන්වා දෙයි.
     
    ඒ අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශී‍්‍ර ලංකාවට හැකි වී තිබෙන අතර මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප‍්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත. මැලේසියාව දෙවන ස්ථානයේ සිටින අතර සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන චීනය, ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථාන හිමිකර ගෙන තිබේ. 
     
    කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශී‍්‍ර ලංකාව ඉදිරියෙන් සිටින බව නවතම වාර්තාවලින් පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකාවේ සමස්ත අන්තර්ජාල පාරිභෝජනය පසුගිය වසරේදී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇති අතර ලොව අඩු ම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමි ව ඇත. 
     
    ශී‍්‍ර ලංකාවේ ජනගහණයෙන් 95.5% ක් පමණ ප‍්‍රමාණයක් ජංගම දුරකතන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ත පරිගණක භාවිතය ජනගහනයෙන් 16.4% වේ.
     
    තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්නායක අතරින් ද ශී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය සඳහා රජයක් වශයෙන් වැඩිදායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව ඇත. 
     
    රාජ්‍ය ව්‍යාපෘති සාර්ථකත්වය අතින් ලොව 13 වන ස්ථානය ලංකාවට හිමි ව තිබෙන අතර මේ ශීඝ්‍ර දියුණුව උදෙසා ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විශාල දායකත්වයක් දක්වයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya