ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෞතුක වස්තූන් පිළිබඳව තොරතුරු ජංගම මෘදුකාංග යෙදවුමක් ඔස්සේ

    මැයි 07, 2015

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෞතුකාගාරයක තිබෙන කෞතුක වස්තූන්  පිළිබඳව තොරතුරු  පුළුල් ලෙස  දැන ගනිමින් නැරඹීමට පහසුවන ආකාරයේ ජංගම මෘදුකාංග යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගැනේ.


    ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකන් මියුසියම් මැයෙන් නම් කර තිබෙන මෙම ජංගම මෘදුකාංග යෙදවුම  මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සඳහා හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (08)දා පෙරවරුවේදී  මෙම කෞතුකාගාරය විවෘත කිරීම සිදු කෙරේ.


    ෙකෞතුකාගාරය නරඹන්නෙකුට තම ස්මාට් ජංගම  දුරකතනයෙහි මෙම මෘදුකාංගය භාගත කර ගැනීමෙන් පසු කෞතුක වස්තු නරඹමින් අදාළ කෞතුක වස්තුව  පිළිබඳව සවිස්තර තොරතුරු වලට ජංගම දුරකතනය ඔස්සේ ශ්‍රවනය කිරීමට  හැකි වන බව නියෝජිතායතනය පවසයි.


    සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ තොරතුරු ශ්‍රවනය කළ හැකිවීම විශේෂත්වයකි.


    වයිෆයි කලාප දහසක් රටපුරා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය අනුපස් වැනි වයිෆයි කලාපය වන බවද නියෝජිතායතනය පවසයි.

     

    SDF/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya