ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉදි කිරීම්වලදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ලබා ගතයුතුයි

    මැයි 12, 2015

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිමේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ  උපදෙස් ලබානොගෙන අදාළ ඉදිකිරිම් නොකරන ලෙස  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය. ඒ තුළින් ආපදා අවම කිරීමට හැකියාවක් ලැබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා ඇතිවිය හැකි  ස්ථාන පිළිබඳ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය  ඇතුළු අනෙකුත් ආයතන මඟින් දැනටමත් හදුනාගෙන ඇත.   ඒ අනුව ආපදා වළක්වා ගැනීමටත්, ආපදාවක් ඇති වූ විට ඒ සදහා සාර්ථකව මුහුණ දීමටත්, විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද දිසාපතිවරයා පැවැසීය.   ආපදාවක් ඇති වු විට ඒ සදහා එක් ආයතනයකට පමණක්  තනිව මුහුණ දිය නොහැකි බවත් එබැවින් රජයේ  සියලු  ආයතන ඒ සදහා කැපවිය යුතු බවද පැවැසීය.  ආපදාවකට මුහුණ දිමට අවශ්‍ය මානව හා භෞතික සම්පත්  ප්‍රමාණවත් පරිදි ඇතත් ඒවා නිසි පරිදි කළමනාකරණය කරගැනීම වැදගත් බවත් මෙහිදී  දිසාපතිවරයා වැඩිදුරටත් පැවැසීය. 

     

    පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ආපදාවක් ඇති වුවහොත් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන්  මහනුවර දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ කමිටුව  දැනුවත් කිරීමේ  අවස්ථාවට සහභාගි වෙමින් දිසාපතිවරයා මෙම අදහස් පළකළේය.

     

    මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් සංවිධානය කර තිබු මෙම රැස්වීමට  ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් හා  දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්  රැසක් සහභාගි වූහ.

     

    SDF/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya