ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පහත් බිම් රැසක් ජලයෙන් යටවේ

    මැයි 14, 2015

    දිස්ත්‍රික්ක කිහිපයක වැව් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටාර ගලන බවත් බොහෝ ප්‍රදේශවල පහත් බිම ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වේ.

    විශේෂයෙන් අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කෙය් බොහෝ වැව් පිටාර ගැලීමට පටන්ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

     

    එය පරාක්‍රම සමුද්‍රය ජල ධාරිතාඅඩි 117,000 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම පිටාර ගැලීම්වල ප්‍රතිඵලයක් ලෙස, වැව් හයක වාන් දොරටු විවෘත කර ඇත.

     

    ගිරිතලේ වැව ද එහි ජල ධාරිතාවය අඩි 24,000 දක්වා ඉහළ නගිමින් පිටාර ගැලීමට පටන්ගෙන ඇත.

     

    මින්නේරිය වැවේ වාන් දොරටු දෙකක් ද විවෘත කර ඇති බව වාර්තා වේ.

     

    මේ අතර, අධික වර්ෂාපතනය නිසා වව්නියාව දිස්ත්‍රික්කයේ බොහෝ වැව්වල වාන් දොරටු ද විවෘත කර ඇත. මහා වැව, මඩුකන්ද වැව සහ පුලියන්කුලම වැව ඒ අතර වේ. වව්නියාවේ බොහෝ පහත් ප්‍රදේශ ද අධික වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යට වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya