ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රැකියා පොළක් වාරියපොළ දී

    මැයි 16, 2015

    රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගැනීම සඳහා මංපෙත් විවර කෙරෙන රැකියා පොළක් මැයි මස 23 දින වාරියපොළ, සුමංගල මහා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ධර්මසේන මහතා පවසයි.


    මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශය සමඟ එක්ව පවත්වනු ලබන මෙම රැකියපොළ එදින පෙ.ව.8.30ට කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

     

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30ක් ආවරණය කෙරෙන පරිදි රැකියාපොළ සංවිධානය කරන අතර ඒ සඳහා රැකියා ආයතන 50ක් පමණ සහභාගී  වෙයි.

     

    කර්මාන්ත, ඇගළුම්, සුපිරි වෙළඳසැල් ආශ්‍රිත රැකියා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල රැකියා ආයතන මීට එක්ව සිටියි.

     

    මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන දෙවන රැකියාපොළ මෙය වන බවත් පසුගියවර පැවැත් වූ කෑගල්ල රැකියා පොළ සඳහා තරුණ තරුණියන් 3000ක් පමණ සහභාගී වූ බවත් 1500කට පමණ රැකියා අවස්ථා උදා වූ බවත් ගාමිණී ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya