ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2014-2015 මහ කන්නයේ කුරුණෑගල වී වගාවේ 103%ක ප්‍රගතියක්

    මැයි 17, 2015

    2014/15 මහ කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාවේ 103%ක ප්‍රගතියක් ලබා ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ බි.එල්.ගුණතිලක මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුයේ පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.

     

    මෙම මහ කන්නයේදී මහා වාරි යටතේ කුඹුරු හෙක්ටයාර් 15,690 ක් ද, සුලු වාරි යටතේ කුඹුරු හෙක්ටයාර් 34,750 ක් ද, වර්ෂා පෝෂිත යටතේ කුඹුරු හෙක්ටයාර් 25,410 ක් ද වශයෙන් කුඹුරු හෙක්ටයාර් 75,850 ක් වගා කිරීමට ඉලක්ක කර තිබිණි.

     

    නමුත් මෙම ඉලක්කය ඉක්මවා මහා වාරි යටතේ කුඹුරු හෙක්ටයාර් 14,953 ක් ද, සුලු වාරි යටතේ කුඹුරු හෙක්ටයාර් 33,171 ක් ද, වර්ෂා පෝෂිත යටතේ කුඹුරු හෙක්ටයාර් 30,269 ක් ද වශයෙන් කුඹුරු හෙක්ටයාර් 78,393 ක් වගා කර ඇත.


    MAP/AK_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya