ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නවක විවාහ උපදේශන සැසි පිළිබඳ පුත්තලම විවාහ රෙජිස්ට්‍රාර්වරුන් දැනුම්වත් කිරීමක්

    මැයි 16, 2015
    විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයීම උදෙසා සෑම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාශයකම නවක විවාහපත් පවුල් සදහා උපදේශන සැසි ආරම්භ කිරිම යටතේ  පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම විවාහ රෙජිස්ට්‍රාර්වරුන් වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ දැනුම්වත් කිරිමේ වැඩ සටහන පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
     
    පුත්තලම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සම්පත් දායකත්වය යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබද දේශනය  වෛද්‍ය උපුල් ජයතිලක මහතා ද, ලිංගිකත්වය පිළිබද දේශනය වෛද්‍ය අනුර රාජපක්ෂ මහතා ද, යහපත් විවාහ සම්බන්ධතාවය පිළිබද දේශනය වෛද්‍ය  වි.වෛද්‍ය බුද්ධි ජයසේකර මහතා විසින්ද පවත්වන ලදි.
     
     
    මිට අමතරව ගර්භණී විමට පෙර පෝෂණය , ලෙඩ රෝග වලින් තොර වීම හා රෝග පරීක්ෂාව , දරුවන් අතර පරතරය තබා ගැනීම, දුම්වැටි මත්ද්‍රව්‍යවල බලපෑම හා වලක්වා ගැනීම වැනි ඉතා සංවේදි මාතෘකා ඔස්සේ දේශන හා සාකචිජා මාලාවක්  ද ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිලිබඳ පරීක්ෂණද සිදු කෙරිණි.
     
    MAP/SJ_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya