ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ නිවාස වැඩසටහන් ලෝක ඇගයුමට

    මැයි 18, 2015
    කිසිඳු භේදයකින් තොරව සැමට සෙවණ ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ උත්තරීතර වූ නිවාස වැඩසටහන්  ලක්ෂයේ, දස ලක්ෂයේ සහ පහළොස් ලක්ෂයේ වශයෙන් ක්‍රියාත්මකවීමේ දී ඒවා මේ රටේ පමණක් නොව පිටස්තර ලෝකයේත් ඇගයීමටත් ගෞරවයටත් පාත්‍ර වූ බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා "සැමට සෙවණ" වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස මූල්‍ය ප්‍රතිපාදන හා හිමිකම් ඔප්පු ප්‍රදානෝත්ස්වයට සහභාගිවෙමිනි.
     
    හේ රටේ නිවාස වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් නායකත්වයෙන් නව දැක්මක් ඔස්සේ අලුත් ජීවයක් ලැබීම නිසා අද අප දැවැන්ත නිවාස සංවර්ධන වැඩසටහනකට මුලපුරා තිබෙන බවත් මෙම වසර තුළ ප්‍රධාන වශයෙන් නිවාස වැඩසටහන් 03ක් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
     
    යහපාලන රජය විසින් නිවාස නොමැති ග්‍රාමීය ප්‍රජාව වෙනුවෙන් මේ වසර තුළ දී නිවාස 50,000ක් ඉදිකිරීමට අවශ්‍ය ණය සහ පහසුකම් සපයනු ලැබීම සතුටු විය හැකි කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් දහසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 1000ක් එනම්, මිලියන 100ක ණය හිමිකම් පත් ලබාදෙන බවත් එතැනින් නතර නොවී දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රතිලාභීන් 3900ක ඉලක්කය සම්පූර්ණ කරන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි වැටුප හා දීමනා, නිල නිවාසය හා ඊට අදාළ දීමනා, නිල වාහන හා ඒවාට අයත් ඉන්ධන දීමනා ලබානොගෙන 367,000ක් වන එම මුදල සෑම මසකම නිවාස සංවර්ධනය වෙනුවෙන් වූ "සෙවණ" අරමුදලට බැර කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya