ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මිනුම් පර්යේෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ළඟදීම අවසන්

    මැයි 18, 2015
    A minum 1ජාතික මිනුම් පර්යේෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ළඟදීම අවසන් වීමට නියමිත බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.
     
    ශ්‍රී ලංකාවේ ජාතික මිනුම් පද්ධතිය නිවැරදිව පවත්වාගෙන යාම සහ එය අන්තර්ජාතික පිළිගැනීමට ලක්වන පරිදි සපුරා ගැනීම සඳහා නව පර්යේෂණාගාරයක් අන්තර්ජාතික නිර්ණායකයන්ට අනුකූලව සැලසුම් කර, ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින්  මෙහි වැඩකටයුතු ආරම්භ කෙරිණි.ජාතික මිනුම් පර්යේෂනාගරය හෝමාගම, පිටිපන දී ඉදිකෙරේ.
     
    ජාතික මිනුම් පර්යේෂණාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කෙරේ. පර්යේෂණාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සහ අති නිරවද්‍ය වායු සමීකරණ පද්ධතිය ස්ථාපිත කිරීම එම අදියර දෙකයි.
     
    ඉදිකෙරෙන නව ජාතික මිනුම් පර්යේෂණාගාර සංකීර්ණය  දිග, ස්කන්ධය, කාලය හා සංඛ්‍යාතය, පීඩනය, පරිමාව, විදුලි ධාරාව, වෝල්ටියතාව, ප්‍රතිරෝධය, උෂ්ණත්වය, බලය සහ ව්‍යවර්තය, ප්‍රකාශමිතිය, විකිරණමිතිය, ධ්වනිය, කම්පනය, ඛණ්ඩාංක සහ කෝණ, දුස්‍රාවිතාව,  ඝණත්වය, වායු ප්‍රමිති ආදී තවත් විවිධ භෞතික රාශීන්ට අදාළ ප්‍රමිතීන් සඳහා වන පර්යේෂණාගාරය සහ එම රාශීන්ට අයත් මිනුම් උපකරණ ක්‍රමාංකනය කිරීමේ පර්යේෂණාගාර වලින්ද අති නවීන උපකරණ පද්ධති සහිතව නිර්මාණය වෙයි. එමෙන් ම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මිනුම් විද්‍යා සේවා සැපයීමට ද මෙමගින් අපේක්ෂා කරන බව මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.
     
    ශ්‍රී ලංකාව තුළ භාවිත මිනුම් සම්බන්ධ නියාමන කටයුතු භාරව ක්‍රියාකරන එකම ආයතනය වශයෙන් මිනුම් ඒකක ප්‍රමිතී හා සේවා දෙපාර්තමේන්තුව හැදින්විය හැකිය. රටතුළ භාවිත වන භෞතික මිනුම් පිළිබඳ ජාතික ප්‍රමිතීන් අර්ථ දක්වා ඒවා ජාතික මිනුම් පර්යේෂණාගාරය තුළ සුරැකිව පවත්වාගෙන යාමද මිනුම් ඒකක ප්‍රමිතී හා සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya