ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චි සිසුන් සඳහා නව තාක්ෂණය පිළිබඳ ව හඳුන්වා දීමක්

    මැයි 21, 2015

    ලෝක විදුලි සංදේශ දිනය නිමිත්තෙන් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා ‘විදුලි සන්දේශ පරිනාමය’ පිළිබඳ ව වැඩමුළුවක් මොරටුව විශ්වවිද්‍යාලයේ  කථිකාචාර්ය  උපුල් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.  


    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේර් ජෙනරාල්  සුදන්ත රණසිංහ මහතාගේ  මඟපෙන්වීම යටතේ නෙළුම් පියස ශ්‍රවණාගාරයේ පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා එම ප්‍රදේශයේ පාසල් සිසුහු 300කට අධික පිරිසක් සහභාගි වූහ.  

    ඩයලොග් පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුවේ දී විදුලි සංදේශ උපකරණ,  විදුලි සංදේශ  තාක්ෂණය සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් හඳුන්වා දෙනු ලැබීය.

    මෙම වැඩමුළුව සහ ප්‍රදර්ශණය සඳහා තාක්ෂණික සහය  9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය සහ 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ලබා දී ඇත.

    මෙම අවස්ථාව සඳහා  ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, කිලිනොච්චි ප්‍රදේශයේ පාසල්වල  විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සමඟින් පාසල් සිසුහු බොහෝ පිරිසක් සහභාගි වූහ.  

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya