ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක වෙළෙඳ පො‍ලේ ලංකාවේ සාදික්කා මිල පහළ වැටෙන්නේ වගා කරුවන්ගේ නොසැලකිල්ලෙන්

    මැයි 22, 2015

    ලෝක වෙළෙඳ පො‍ලේ මිල ගණන්වලට සාපේක්ෂව ලංකාවේ සාදික්කාවලට අඩුමිලක් නියම වන්නේ ගුණාත්මක තත්ත්වය පහල යෑම නිසා බව අපනයන කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා පවසයි.

     
    වගාකරුවන් විසින් මේරීමට පෙර ලපටි කාලයේ සාදික්කා ‍අස්වනු නෙලීම නිසා ඒවායේ ගුණාත්මක තත්ත්වය පහත වැටීමට හේතු වී තිබේ. ලෝක වෙළෙඳ පො‍ලේ පසුගිය අප්‍රේල් මාසයේදී සාදික්කා කිලෝවක් සදහා රුපියල් 1869ක් මිලක් නියම වුවද  ශ්‍රී ලංකාවේ සාදික්කා සදහා ලැබුණේ රුපියල් 350ත් 500ත් අතර මිලකි.  ශ්‍රී ලංකාවේ වෙනත් සුළු අපනයන බෝග අපනයනයේදී  ලෝක වෙළෙඳ පො‍ලේ මිලට කිට්ටු මුදලක් ලැබුණත් සාදික්කාවලට එසේ නොවන්නේ ගුණාත්මක බව අඩුවීම  හේතුවෙන් බවත් පැවැසීය. 
     
     
    සාදික්කා ඇට, වසාවාසී, සාදික්කා තෙල් අපනයනය කිරීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3කට අධික ආදායමක් ලැබෙන  බවත්, නියමිත ප්‍රමිතියෙන් යුතුව අපනයනය කරන්නේ නම් එය දෙගුණ කරගැනීම ඉතා පහසු බවත් පැවැසීය.  ලංකාවේ සාදික්කා  වගාවෙන් 80%ක් මහනුවර දිස්ත්‍රික්කයේ සිදු කරනු ලබයි. 
     
     
    සාදික්කා මිළ ගණන් පහත බැසීම සම්බන්ධයෙන් මහනුවර  දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා විසින්  දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී කරනු ලැබු වීමසීමකට පිළිතුරු ‍ලබාදෙමින්  සහකාර අධක්ෂවරයා මෙම තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව සාදික්කා වගාකරුවන් මේ පිළිබද දැනුවත් කිරීම සදහා නිසි වැඩපිලිවෙලක් සකස් කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.
     
    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya