ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දැයට කිරුළ 2015ට තවත් රුපියල් මිලියන 737.73

    මැයි 23, 2015
    දැයට කිරුළ සංවර්ධන වැඩසටහන 2015 යටතේ ආරම්භ කළ එහෙත් සම්පූර්ණ නොකළ ව්‍යාපෘතිවලින් අත්‍යාවශ්‍ය යැයි හඳුනාගෙන ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය හරහා රුපියල් 737.73ක ප්‍රතිපාදන වෙන් කොට ඇත.
     
    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරදූව අහංගම නගරයේ ඇති පොදු වෙළෙඳපොළ ඉදිකිරීම, තවලම සම්මන්ත්‍රණ ශාලාවේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 134.60ක මුදලක් ලබාදීම සිදු කෙරේ.
     
    මාතර දිස්ත්‍රික්කයේ වෙහෙරහේන පූජාභූමිය සංවර්ධනය කිරීම, හක්මන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම, පිටබැද්දර මොරවක දිසා රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම, අකුරැස්ස මාලිම්බඩ වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති 18ක වැඩකටයුතු අවසන් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 388.32ක් වෙන් කෙරේ.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පන්නෙගමුව සතිපොළ ඉදිකිරීම, වලස්මුල්ල කිරිමැටිය සතිපොළ ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති 06ක් වෙනුවෙන් රුපියල් මිලියන 185.5ක් ද ලබාදීම සිදු කෙරේ.
     
    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ රැස්වීම් ශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 29.76ක් ලබා දීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya