ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීනයේ වෙළෙඳ ප්‍රදර්ශනයට හම්බන්තොට එක් වෙයි

    මැයි 24, 2015
    චීනයේ ගුවන්සෝ නගරයේ දී පැවැත්වෙන 23 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සහභාගිවීමට හම්බන්තොට නාගරික වෙළෙඳ ප්‍රජාවට අවස්ථාව ලැබී ඇත.
     
    මෙම වෙළෙඳ ප්‍රදර්ශනය ලබන 28 වැනිදා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන අතර හම්බන්තොට මහනගර සභාවත් චීනයේ ගුවන්සෝ නගරයත් අතර ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය ගිවිසුම අනුව මෙම අනගි අවස්ථාව ලැබී ඇත.
     
    මේ තුළින් හම්බන්තොට නාගරික වෙළෙඳ ප්‍රජාවගේ නිර්මාණයන්ට නිෂ්පාදනයන් ඇතුළු වානිජ කටයුතු ජාත්‍යන්තරයට හඳුන්වා දීමටත් අවස්ථාව උදා වී ඇත. ඒ අනුව මෙම ප්‍රජාවටය තව වෙළෙඳ කටයුතු දියුණු කර ගැනීමට හා ඒ සඳහා ස්ථාවර වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීමට ද මෙමඟින් අවස්ථාව ලැබේ.
     
    මේ සඳහා වෙළෙඳ ප්‍රජාවට අමතරව නාගරික මන්ත්‍රීවරු හතර දෙනෙකුට පාලක පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකුද එක් වීමට අවස්ථාව ලැබී තිබෙන බව නාගරික මන්ත්‍රී එම්.එල්. මොහොමඩ් යෙහියා මහතා පැවසීය.
     
    ගුවන්සෝ නගරයේ මීටර් අසූ දහසක භූමි ප්‍රමාණයක් පුරා මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වෙන බවත් වෙළෙඳ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ භාණ්ඩ හුවමාරුව, සංස්කෘතික, සංචාරක, වෙළෙඳ ගිවිසුම් යනාදී කරුණු රැසක් පිළිබඳ සම්මන්ත්‍රණ හා වැඩසටහන් පැවැත්වෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
     
    චීනයේ ගුවන්සෝ නගරයේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක චිං සෙන් ජන්හුවා වේරොබි මහතා විසින් මේ අවස්ථාව හම්බන්තොට නාගරික වෙළෙඳ ප්‍රජාවට ලබා දී ඇත. මීට පෙර අවස්ථා දෙකක දී හම්බන්තොට නගරයේ ගුවන් සෝ නගරාධිපති ඇතුළු දූත පිරිසක් සංචාරයක ද නිතර විය. ඉදිරියේදී තවත් ආධාර ලබාදීමට ඔවුන් කටයුතු යොදා ඇත.
     
    kpm/JP/DMU_Hambanthotha

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya