ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 මැයි

    මැයි 25, 2015
    2015 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතිකය අඩු කිරීමත් සමඟ වෙළෙඳපොළ පොලී අනුපාතික අපේක්ෂිත පරිදි පහළ ගොස් ඇති බවත් අඩු පොළී අනුපාතික වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑම පෞද්ගලික අංශයේ බැංකු ණය ඉල්ලුම සඳහා පෙළඹවීමක් ඇති කර තිබෙන බවත් මහ බැංකුව පවසයි.
     
    ඒ අනුව, පෞද්ගලික අංශය විසින් වාණිජ බැංකුවලින් ලබාගත් ණය 2015 මාර්තු මාසයේදී  වාර්ෂික ලක්ෂ්‍යමය අගය මත සියයට 13.9කින් ඉහළ ගියේය. මාසය තුළ දී  මේ වැඩිවීම නිරපේක්ෂ අගය අනුව රුපියල් බිලියන 41.4ක් වූ අතර, 2015 පළමු කාර්තුවේදී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයෙහි සමුච්චිත වැඩිවීම රුපියල් බිලියන 86.9ක් විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණයට අනුව, ශක්තිමත් ලෙස ණය වර්ධනය වීස සඳහා කාර්මික හා සේවා අංශ සඳහා සපයන ලද ණය ප්‍රධාන වශයෙන් දායක විය. අඩු වෙළෙඳපොළ පොළී අනුපාතික හමුවේ ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාවට අනුබල සපයමින් ඉදිරි කාලයේ ද පෞද්ගලික අංශය සඳහා වන ණය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. පෞද්ගලික හා රාජ්‍ය අංශයට ලබා දුන් ණය ඉහළ යෑමේ
    ප්‍රතිපලයක් ලෙස පුළුල් මුදල් සැපයුම (M2b) 2015 මාර්තු මාසයේදී ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.5කින් අපේක්ෂිත පරිදි වර්ධනය විය. 
     
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ද (කො.පා.මි.ද) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් ගණනය කරනු ලබන උද්ධමනය 2015 අප්‍රේල් මාසයේ දී පෙර මාසයේ පැවති සියයට 0.1 මට්ටමේ නොවෙනස්ව පැවතුණි. ඇත පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කිරීම සහ දේශීය ඉන්ධන මිල ගණන් පහත හෙළීමෙහි බලපෑම වැඩි වශයෙන් පිළිබිඹු කරමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය 2015 පෙබරාරි මාසයේ සිට සියයට 1ට වඩා අඩු මට්ටමක පැවතුණි. වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය පෙර මාසයේ පැවති සියයට 2.5 සිට 2015 අප්‍රේල් මාසයේ දී සියයට 2.1 දක්වා තවදුරටත් පහත වැටුණි. මේ අතර, සෞඛ්‍ය සේවා හා රෙදිපිළි ආදී ආහාර නොවන කාණ්ඩයේ අයිතම මිල ගණන් ඉහළ යෑමත් සමඟ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මාර්තු මාසයේ පැවති සියයට 1.4 සිට 2015 අප්‍රේල් මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේය. දේශීය සැපයුම් ත්ත්තවය වර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙ හි ප්‍රධාන භාණ්ඩවල අඩු මිල ගණන් හේතුවෙන් ඉදිරි මාසවලදී උද්මනය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිතයි.

    විදේශීය අංශය සැලකූ විට ඉන්දියානු සංචිත බැංකුව සමඟ මෑතකදී එළැඹුණු එ.ජ. ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු ගිවිසුම් හේතුවෙන් රටෙහි නිල සංචිත ශක්තිමත් විය. ඉදිරි කාලයේදී අපේක්ෂිත ප්‍රාග්ධන ලැබීම් සහ සංචාරක අංශයේ හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇතුළුව භාණ්ඩ හා සේවා අපනයන තුළින් ලැබෙන ආදායම් හේතුවෙන් වසර තුළ දී ගෙවුම් තුලනය ශක්තිමත් වනු අැත. 2015 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට එරෙහි ව සියයට 2කින් පමණ අවප්‍රමාණය වී ඇත.
     
    මේ පසුබිම යටතේ දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහසයි. ඒ අනුව 2015 මැයි 21 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya