ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගාලු දිස්ත්‍රික් රාජ්‍ය නොවන කෘෂීකර්ම සහ පාරිසරික අංශයන්හි කමිටු රැස්වේ

    මැයි 25, 2015

    පසු ගිය මැයි 11 දින පැවති ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන ආයතනයන් හි කමිටු රැස්වීමේදී ගත් තීරණයක් අනූව පරිසර සහ කෘෂිකර්ම අංශයේ රාජ්‍ය නොවන ආයතන වෙන් වෙන් වශයෙන් සාකච්ඡාවට ලක් කිරීම යෝග්‍ය බවට අදහස් පල විය.

    ඒ අනූව පරිසර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතු කරනූ ලබන රාජ්‍ය නොවන ආයතන සඳහා වූ කමිටු රැස්වීම අද (25) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබිණ.

     

    මෙහිදී ක්‍රියාකාරී වාර්ෂික සැලැස්ම, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු සාකච්ඡාවට ලක් කිරීම සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන අතර පරිසර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවන ගැටළු අවම කර ගැනීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම මෙහි මූලික ම අරමුණයි.
    MAP/SH_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya