ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ අභ්‍යාස ආයතනයෙන් පොලොන්නරුවට නව පුහුණු මධ්‍යස්ථානයක්

    මැයි 27, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ අභ්‍යාස ආයතනය මඟින් නව පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ නව පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පොලොන්නරුව කාර්මික විදුහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි. එම මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රදේශයේ පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරා පාසල් හැර යන දරුවන් වෙනුවෙන් මෙම පාඨමාලාව ආරම්භ කරන ලදී. අද ආරම්භ කළ පාඨමාලාව ඉතාම වැදගත්. දරුවන් මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීම තුළින් රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි වන අතර පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීම සඳහා ද ඉතා රුකුලක් වනු ඇත. මේ පාඨමාලාව හොඳින් ප්‍රගුණ කර වැඩ කටයුතු කිරීම තුළින් ඉදිරියේදී හොඳ මිලක් ලබා ගැනීමට හැකිවීම නිසා හොඳ පුරවැසියකු ලෙස ඉදිරි අනාගතය සාර්ථක කර ගන්න හැකි වේවි සඳහන් කළේය.
     
    උතුරු මැද පළාත තුළින් වසරකට 17,000ක් පමණ සිසු සිසුවියන් අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් වෙනවා. මේ සියලු දෙනා උසස් පෙළට ඉදිරිපත් වන්නේ නැහැ. එම දරුවන් මෙම පාඨමාලා හැදෑරීම ඉතා වැදගත්. උසස් පෙළට ඉදිරිපත්වන දරුවන්ගෙන් 4% පමණ ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යන්නේ. එම නිසා මෙම දරුවන්ගේ ඉදිරි අනාගතය සරු කර ගැනීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ඉතාමත් ප‍්‍රයෝජනවත් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවරත්න බණ්ඩාර මහතා සහ කාර්මික විද්‍යාලයේ නිලධාරීහු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya