ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාලු දිස්ත්‍රික් රාජ්‍ය නොවන ආයතනයන් හි කමිටු රැස්වීම

    මැයි 27, 2015

    ගාල්ල දිස්ත්‍රික් කෘෂීකර්ම, පාරිසරික සහ අධ්‍යාපනික, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය නොවන ආයතනයන් හි කමිටු රැස්වීම ගාලු දිස්ත්‍රික් අතිරේක ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 25 දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්විණි.

    මෙම රැස්වීමේ මූලික අරමුණ වූයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු සාකච්ඡාවට ලක් කිරීම සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන අතර පරිසර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවන ගැටළු අවම කර ගැනීම පිළිබඳවය.

     

    මෙහිදී ළමා මෙහෙකාර සේවය, වීදි ළමුන් සහ දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වන ළමා රැකවරණ මධ්‍යස්ථාන සහ ප්‍රජා සෞඛ්‍ය තත්වයන් පිළිබඳව විශේෂ අවධානයට ලක් විය. 2016 ජුනි 12 වන දින වන විට ළමා ශ්‍රමය ශුන්‍ය කිරීමට අවශ්‍ය ජාතික වැඩ පිළිවෙල වෙනුවෙන් දිස්ත්‍රික්කය දක්වන දායකත්වය පිළිබඳව ද මෙහි දී අදහස් පල විය.

     

    වතුකරය ආශ්‍රිතව දිවිගෙවන අධ්‍යාපනය නොලබන දරුවන් පාසල් ගත කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන දක්වන දායකත්වය පිළිබඳව මෙහිදී ඇගයීමට ලක් විය.

     

    දිස්ත්‍රික්කය තුළ පරිසර හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන් හි රාජ්‍ය නොවන ආයතන 12ක් සක්‍රීය තත්ත්වයේ පවතී. ධීවර ගැටළු විසදීම සහ පාරිසරික තත්ත්වයන් රැක ගැනීම සඳහා ඔවුන් දක්වන සක්‍රීය දායකත්වය පිළිබඳව මෙහි දී විශේෂ අවධානයට ලක් වූ අතර දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක, දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහි දී ඇගයීමට ලක් විය.
    MAP/SH_dmu_ galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya